ජයලලිතා වෙනුවෙන් මෝදි ශෝකය පළ කරයි..

මෝදිජයලලිතා ජයරාම්ගේ මරණය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කණගාටු වන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ මෙම ශෝකජනක අවස්ථාවේ තමන් තමිල්නාඩු ජනතාව හා එක්වන බවයි.

ජයලලිතාගේ අභාවය ඉන්දීය දේශපාලනයේ විශාල හිඩසක් ඇති කරන බවද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. තමිල්නාඩු ජනතාවට දුප්පතුන්ගේ සුබසාධනය සහ කාන්තාවන් වෙනුවෙන් ඇය කළ සේවය ද නරේන්ද්‍ර මෝදිගේ ඇගයීමට ලක්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top