අභවප්‍රාප්ත වූ තමිල්නාඩු මහ ඇමැතිනිය වෙනුවෙන් උතුරු පළාත් සභාව ශෝකය පළ කරයි – සභාව කල් තබයි..

img_2817උතුරු පළාත් සභාවේ 67 වන සැසිවාරය කයිතඩි ප්‍රදේශයේ පිහිටි උතුරු පළාත් සභා පරිශ්‍රයදී පැවැත්වුණි. එහිදී සභාව ආරම්භවීමට පෙර ඊයේ දින අභවප්‍රාප්ත වූ තමිල්නාඩු මහ ඇමැතිනී ජෙයලලිතා මෙනවිය වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පවත්වා ශෝකය පළ කළහ. අනතුරුව උතුරු පළාත් මහ ඇමැතිවරයා සහ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් විසින් ශෝකය පළ කළහ.

අනතුරුව සභාව විනාඩි දහයක කාලයක් කල් තැබූ අතර, උතුරු පළාත් සභා සැසිවාරය නැවත රැස්වී තමිල්නාඩු මහ ඇමැතිනියට ශෝකය පළ කිරීමේ අයුරින් අද දින සභාව කල් තබන බවත් යළි හෙට දින සභාව රැස්වෙන බව සභාපති සී.වි.කේ. සිවඥානම් මහතා පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top