රාවණා බලයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ හිමි FCID යට

investigation-1 පරීක්‍ෂණරාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබේ.

පසුගිය ආණ්ඩුව සමයේ රජයේ වාහන අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි අද (6) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ.

විමල් වීරවංශ මහතා අමාත්‍යවරයාව සිටි සමයේදී එම අමාත්‍යංශයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උන්වහන්සේට එරෙහිව ‍චෝදනා එල්ල වී ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top