අම්බලන්ගොඩදී වෙඩි තබීමකින් එකම පවුලේ 3ක් මරුට

වෙඩි අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේ ඊයේ (05දා) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් එකම පවුලේ තිදෙනෙකු ඝාතනය කර තිබේ. මව, පියා සහ ඔවුන්ගේ කුඩා දරුවා මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඉඩම්තොට ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළදී ඊයේ රාත්‍රි 9 යි 10ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කර තිබේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 35 හැවිරිදි ඉන්දික සොයිසා, ඔහුගේ බිරිඳ වන 27 හැවිරිදි දේවිකා ද සොයිසා සහ එම යුවළගේ පුත‍්‍රයා වන සිව් හැවිරිදි රන්දික ද සොයිසායි.

සිද්ධිය සම්බන්‍ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top