බැසිල් රාජපක්‍ෂට එරෙහි නඩුව නීතිපති ඉවත්කර ගනියි

Basil Rajapaksa - බැසිල්හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු දෙදෙනෙකුට ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රය නීතිපති විසින් ඉල්ලා අස්කරගෙන තිබේ.

දිවිනැඟුම අරමුදලේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපති විසින් අදාළ අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබූ අතර, එම නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥවරයා විසින් එම අධිචෝදනා පත්‍රයන්හි තාක්ෂණික දෝෂයක් ඇතැයිද ඒවා සංශෝධනය කරමින් නැවත අධිචෝදනා පත්‍ර ගොනුකරන බව පවසා මෙම අධිචෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගෙන තිබේ.

ඒ අනුව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ සමෘද්ධි අරමුදලේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන විත්තිකරුවන් නිදහස් කර ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනමද ඉවත් කිරීමට මහාධිකරණ විනිසුරු පත්මිණී එම් රණවක මහත්මිය නියෝග කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැඟුම අරමුදලෙන් රු. ලක්ෂ 290ට අධික මුදලක් යොදවාගෙන ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමට පියවර ගැනීම තුළින් එම අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට නීතිපතිවරයා විසින් මොවුන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top