උතුරේ සිංහල ජනතාව පීඩාවට පත්වූ බව අසත්‍යක්

 උතුරේ සිංහල ජනතාව පීඩාවට පත්වූ බවට පැවැසීම අසත්‍ය කරුණක් බව මහචාර්‍ය බාලසුන්දරම් පිල්ලේ පවසයි.

යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ ඊයේ සෙනසුරාදා දින පැවැති  සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවෙහි පස්වැනි සැසිවාරයට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.. දිගින් දිගටම මෙවැනි අදහස් ප්‍රතිචාරය කිරීමට ද්‍රෝහිකමකි. උතුරේ දැන් සිංහල සිසුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. එලෙසම වෛද්‍ය හෙද පුහුණු විද්‍යාලයේදී ද ඔවුන්ගේ සංඛ්‍යාව වැඩිය. අවතැන්ව ගිය රාජ්‍ය සේවකයන් යළි තම ප්‍රදේශවලට පැමිණ සිටියි. තවද දැන් උතුරේ බෞද්ධ විහාරස්ථානවල සංඛ්‍යාවද වැඩිවී තිබෙන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top