උතුරු පළාත් ඇමැතිවරුන්ට එරෙහිව පරීක්‍ෂණයක්

CV.Vigneswaran_CIඋතුරු පළාත් අමාත්‍යවරුන් සිව් දෙනෙකුට එරෙහිව ජනතාව විසින් දිගින් දිගටම ඉදිරිපත් කරන වංචා දූෂණ චෝදනා සම්බන්‍ධයෙන් පරීක්‍ෂණයක් සිදු කිරීමට කමිටුවක් පත්කිරීම සඳහා අනුමැතිය ලබාදිය යුතු යැයි උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා උතුරු පළාත් සභාවෙන් ඉල්ලා තිබේ.

මේ සම්බන්‍ධයෙන් අනුමැතිය ඉල්ලා මහ ඇමැතිවරයා විසින් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව ද වාර්තාවේ. උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිබඳ පරීක්‍ෂණයක් සිදු කළ යුතු යැයි උතුරු පළාත් සභා මන්ත්‍රී පසුපදිපිල්ලේ විසින් මීට පෙරද ඉල්ලා තිබුණි.

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා සැසිවාරයේදී මේ සම්බන්‍ධයෙන් දැඩි අර්බුදකාරි තත්වයක් ඇති විය හැකි තත්වයක් පවතින හෙයින් එම කෙටුම්පත විභාගයට ගන්නේදැයි සැකයක් ද පළකර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top