ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අද යි

Human-Rights-Day]ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදට යෙදී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් – දෙසැම්බර් 10 වැනි දා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 1950 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී දෙසැම්බර් 10 වන දා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණි.

සියලු ජනතාවට උපතින් ම මූලික අයිතිවාසිකම්වලට ඇති අයිතිය සහ සමානාත්මතාව තහවුරු කිරීම අරමුණ වේ. ඕනෑ ම මනුෂ්‍යයෙකු සම්බන්ධයෙන් ආරක්ෂා විය යුතු අයිතිවාසිකම් මානව හිමිකම් යටතට ගැනෙයි.

මෙවර ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් පවසන්නේ, මානව හිමිකම් රැකගැනීම හරහා පුද්ගල දියුණුව සේම ලෝකයක් ලෙස එක්සත්ව ඉදිරියට යාමට හැකි වන බව ය.

ලෝකය ම මනුෂ්‍යත්වයේ පක්ෂයට ඉඩ දිය යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසයි.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙකු ලෙස 1955 වසරේ දී මානව හිමිකම් ප්‍රඥප්තිය පිළි ගනු ලැබී ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top