දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කිරීමේදී රජයට තිබෙන ප්‍රශ්ණය කුමක් ද?

ජනතා විමුක්ති පෙරමුණේ දහස් ගණනකට පොදු සමාව යටතේ නිදහස ලබාදිය හැකි නම්, 200 දෙනෙකු පමණ සිටින දෙමළ දේශපාලන රැඳවියන් නිදහස් කිරීමට නොහැකිවීමට හේතුව කුමක් දැයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රශ්ණ කර තිබේ.

තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා හෙට දින දෙමළ දේශපාලන රැඳවියන් උපවාසයකට සූදානම්වී සිටින අවස්ථාවක, ඔවුන්ව නිදහස් කිරීමට රජයට ඇති ප්‍රශ්ණය කුමක් දැයි ඔහු ප්‍රශ්ණ කර තිබේ.

වවුනියාවදී ඊයේ සෙනසුරාදා දින පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top