කටුනායක සිට චෙන්නයි දක්වා වූ ගුවන්ගමන් අත්හිටුවයි

අත්හිටුවයිකටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළ දක්වා ගමන් කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. හෙට උදෑසන 7.00 තෙක් මෙලෙස චෙන්නයි ගුවන් ගමන් අත්හිටුවා ඇති බව වාර්තාවේ.

වර්ධා සුළි කුණාටුව හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් අත්හිටුවා තිබේ. මේ අතර, කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළ බලා පිටත් වූ ගුවන් යානයක් යළි කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බස්සවා තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල් 127 දරණ ගුවන් යානය මෙලෙස යළි පැමිණ තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top