තජිකිස්ථාන ජනපති අද දිවයිනට

tajikistan තජිකිස්ථාන්තජිකිස්ථාන ජනාධිපති එමිමෝලි රෝමන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද(12) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතය.

ඔහු ලබන 14 වන දින දක්වා මෙරට රැදී සිටීමට නියමිත බවත්, මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top