ව්‍යවස්ථාව ගැන ඡන්ද විමසීමක් සිදු කළේ නම් මහින්ද ඡන්දය ප්‍රකාශ කරයි – ගම්මන්පිල

නව ව්‍යවස්ථාව සම්බන්‍ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිඳු කළේ නම් එදාට මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශ කරනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එසේ නොමැතිව පරදින ඡන්දවලට මහින්ද රාජපක්ෂ ඡන්ද ප්‍රකාශ නොකරන බව හෙතෙම පවසා තිබේ. ඊයේ (12) දින එම පක්‍ෂ කාර්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ,

මහින්ද රාජපක්ෂ මහතාට අයවැයට ඡන්දය දෙන්න එන්න එපා කියලා තියෙන්නේ අපි. මහින්ද රාජපක්ෂ මහතාට තියෙන්නේ අනිත් අයට වගේ තවත් එක් ඡන්දයක් විතරයි. එතුමා ඓතිහාසික චරිතයක්. නිකන් පරදින ඡන්ද වලට එතුමා ඇවිත් අත එසවීමේ පලක් නැති බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top