දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අද (15) උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැප්ම පිවිසුම් දොරටුව ආසන්නයේදි මෙම අනතුර සිදුව තිබේ.
මාතර දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂක වැටෙහි ගැටී අනතුර සිදුව ඇති බවත්, මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ මොරවක පදිංචි (25) හැවිරිදි තරුණයෙකි. අනතුර සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.