එක්.පී. අත්අඩංගුවට ගන්නා ලෙස ගොනු කළ පෙත්සම කල් යයි..

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර කටයුතු භාර ප්‍රධානි කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීම කල්දමා ඇති අභියාචනාධිකරණය එම පෙත්සම ලබන මාර්තු මස 17 වනදා යළි කැඳවන බව ප්‍රකාශ කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කළ එම පෙත්සමේදී කේ.පී. අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීම පොලිසිය විසින් සිතාමතා මගහරිමින් සිටින බවත්, ඔහුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස අදාළ පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී කේ.පී සම්බන්‍ධයෙන් තවඳුරටත් පරික්‍ෂණ සිදුකරන බවට රජයේ නීතීඥවරයා පැවැසීමෙන් අනතුරුව අධිකරණය විසින් පෙත්සම සලකා බැලීම කල් තබා ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top