හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර අතුරුදන්

මීගමුව කලපුව සංවර්ධන ව්‍යාපෘතියෙන් රුපියල් ලක්‍ෂ තුන්දහසක මුදලක්‌ වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින. හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා අතුරුදන්ව ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි. සරත් ගුණරත්න මහතා පදිංචි නිවස සහ තවත් ස්‌ථාන කීපයක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ කණ්‌ඩායම් විසින් ඊයේ (16) පරීක්‍ෂා කරනු ලැබූවත් ඒ මහතා නොසිටි බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.

මේ අතර සරත් කුමාර ගුණරත්න මහතා රටින් පිට වී යැම වළක්‌වාලමින් අධිකරණයෙන් තහනම් නියෝගයක්‌ ලබාගත් අතර මේ පිළිබඳව කටුනායක ගුවන්තොටුපළට දැනුම් දීමටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

මීගමුව කලපුව සංවර්ධනය කිරීම සඳහා පසුගිය රජය සමයේ ලබාදුන් මුදල්වලින් රුපියල් ලක්‍ෂ තුන්දහසක මුදලක්‌ දේශපාලන ප්‍රචාරක කටයුතු සහ වෙනත් කටයුතු සඳහා යොදාගත් බවට හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතාට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top