යාපනය සංගත්තනයි ප්‍රදේශයේ සිඳුවූ රිය අනතුරකින් 10ක් මරුට

යාපනය – සාවකච්චේරිය, සංගත්තනයි ප්‍රදේශයේ අද පස්වරුවේ සිඳුවූ රිය අනතුරකින් දහ දෙනෙකු සිද්ධිය ස්ථානයේදීම මිය ගොස් තිබේ. දකුණේ සිට යාපනය බලා ගමන් කරමින් සිටි වෑන් රථයක් සහ යාපනයේ සිට වව්නියාව බලා පැමිණි ලංගම බස් රථයක එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ.

කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් හත් දෙනෙකු සිද්ධිය ස්ථානයේදීම මියගොස් ඇති බවත්. අනතුරෙන් තුවාල ලැබූ තවත් කිහිප දෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.

වේගයෙන් පැමිණි වෑන් රථයේ ටයරයක සුළං යෑමෙන් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිඳුව ඇති බවට මූලික විමර්ෂණවලින් අනාවරණයවී තිබේ. සාවකච්චේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top