හමුදාව ඉඩම් අත්පත් කරගෙන සිටීමෙන් ජනතාවට බාධා..

මුල්ලතිව් දිස්ත්‍රික්කයේ කේපාපිලව් ජනතාවගේ ඉඩම් හමුදාව අත්පත්කරගෙන සිටීම හේතුවෙන් ජනතාව ආර්ථික වශයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව මුල්ලතිව් දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ හිටපු පරිපාලන නිළධාරි රට්නරාසා පවසයි.

උතුරු පළාතේ බොහෝ ස්ථානවලින් හමුදාව ඉවත්ව ගිය නමුත් තවඳුරටත් හමුදාව ජනතාවගේ ඉඩම් රැසක ස්ථානගතව සිටින බවත්, තවඳුරටත් ජනතා ඉඩම් තම සතුව තබාගෙන සිටීම ජනතාවට එරෙහිව ක්‍රියාවක් ලෙස දැකිය හැකි බව ඔහු පවසා තිබේ.

තවද උතුරේ හමුදාව අත්පත්කරගෙන සිටින ජනතාවට අයත් ඉඩම් සියල්ල ලබන වසර වන විට නිදහස් කිරීමට යහපාලන රජය පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top