පතන්කෝට් ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කළේ ජෙයිෂ්-ඉ-මුකම්මද් නැමැති ත්‍රස්තවාදී සංවිධානයයි

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි පතන්කෝට් ගුවන් හමුදා කඳවුරේ සිඳුවූ ත්‍රස්ත ප්‍රහාරය ජෙයිෂ්-ඉ-මුකම්මද් නැමැති ත්‍රස්තවාදී සංවිධානය විසින් සිදු කර ඇති බවට ඉන්දිය ජාතික ආරක්‍ෂක කමිටුව ගොනු කළ චෝදනා පත්‍රයෙහි සඳහන් කර තිබේ.

පසුගිය ජනවාරි මස පතන්කෝට් ගුවන් හමුදා කඳවුරේ සිඳුවූ ප්‍රහාරයකින් හමුදා සෙබළුන් හය දෙනෙකු මිය ගිය අතර, ප්‍රහාරය සිදු කළ වෙඩිකරුවන් පස් දෙනෙකු ද මිය ගොස් තිබුණි.

ඉකුත් සිද්ධිය සම්බන්‍ධයෙන් අද දින චෝදනා පත්‍ර ගොනු කළ ඉන්දිය ජාතික ආරක්‍ෂක කමිටුව, එහිදී ජෙයිෂ්-ඉ-මුකම්මද් නැමැති ත්‍රස්තවාදී සංවිධානයේ නායක මව්ලාන මසූද් ආසාර් නැමැත්තා ප්‍රධාන අපරාධකරු ලෙස නම් කර තිබෙන බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top