සවි කරන නිවාස ව්‍යාපෘතියට එරෙහිව කිලිනොච්චියේ විරෝධතාවක්

නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් ඉදි කිරීමට සැලසුම් කර ඇති නිවාස 65 දාහක සවි කරන නිවාස ව්‍යාපෘතියට එරෙහිව අද පෙරවරු 9ට පමණ කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ.

යුද්දය හේතුවෙන් පීඩාවට පත්වූ උතුරේ ජනතාව වෙනුවෙන් නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් සවි කිරීමේ නිවාස 65 දාහක් ඉදිකිරීම සඳහා රජයේ කැබිනට් අනුමැතිය ලබාදි තිබුණි.

මෙවැනි තත්වයකදී උතුරේ නිවාස ලාභීන් විසින් එවැනි සවි කිරීමේ නිවාසවලට එරෙහිව ප්‍රථම වරට විරෝධතාවක් පවත්වා තිබේ.

යුද්දයෙන් පීඩාවට පත්වූ ජනතාව ස්ථීර නිවාස ඉදිකර දෙන්නැයි අවධාරණය කර සිටින දෙමළ ජාතික සන්ධානය ආරම්භයේ සිටම මෙවැනි සවි කිරීමේ නිවාසවලට විරුද්ධත්වය පළ කර තිබුණි.

මෙවැනි සවි කිරීමේ නිවාස පරිසරයට හිතකාමී නොවන බව තරයෙන් පවසා සිටින කිලිනොච්චිය ජනතාව තම ජීවන රටාව, සිය ප්‍රදේශයේ කාල ගුණය, පාරම්පරික ඉදි කිරීම් ක්‍රමය කෙරෙහි අවධානය යොමු කර නිවාස ඉදි කළ යුතු බව පවසා තිබේ. මෙම විරෝධතාවයෙන් අනතුරුව පාර්ලිමෙන්තු මන්ත්‍රී සි. ශ්‍රී දරන්, කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් සුන්දරම් අරුමයිනායකම් යන අය වෙත පෙත්සමක්ද භාරදුන්හ.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ නැවැත පදිංචි වූ පවුල් 20 දාහකට ආසන්න පිරිසක් මෙතෙක් ස්ථීර නිවාස නැතිව පසුගිය වසර හතක කාලයක් තාවකාලික නිවාසවල ජීවතවීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top