අනුරාධපුර බන්‍ධනාගාරයේ භූගත සිරකුටි තිබේ – මවකු සාක්‍ෂි ලබා දෙයි..

GTN Special News 01අනුරාධපුර බන්‍ධනාගාරයේ රහසිගත භූගත සිර කුටි තිබෙන බවත් එහි දෙමළ තරුණයන් සිය ගණනක් රඳවා තිබීම තමන් දුටු බව මව සාක්‍ෂි ලබාදි තිබේ.

යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ පැවැති සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව ඉදිරියේ ඇය මේ බව පවසා තිබේ. එහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ..

1996 වසරේ යාපනයේදී සිට හමුදාව මගේ පුතාව පැහැරගෙන ගියා. ඉන්පසු පුතාව අනුරාධපුරය බන්‍ධනාගාරයේ රඳවා තබා ඇති බවට කෙනෙකු පැවැසීමෙන් මම අනුරාධපුරය බන්‍ධනාගාරයට ගියා.

බන්‍ධනාගාරයේ පොළව යටින් භූගත සිර කුටි ඉදිකර එහි දෙමළ තරුණයන් විශාල පිරිසක් රඳවාවා තිබුණි. එය මම සියසින් දුටුවා. එලෙස රඳවා තබාගෙන සිටින දෙමළ තරුණයන් නිදහස් කළ යුතුයි. රහසග් කඳවුරු ගැන තොරතුරු ද හෙලිකළ යුතු යැයි එම මව වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top