රසායිනික එන්නත් ලබාදීම සත්‍යක් බව තහවුරු වුයේ නම් ජාත්‍යන්තරයට පැමිණිළි කරනවා – විග්නේෂ්වරන්

හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයන්ට රසායිනික එන්නත් ලබාදීම සත්‍යක් බව තහවුරු වුයේ නම් එය ගැන ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වාදීමේ වගකීම තමන්ට තිබෙන බව උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා පවසා තිබේ.

ඉරිදා දින යාපනයේ පැවැති දෙමළ මහජන සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පවසා සිටියේය.

හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයන් පිළිබඳ තොරතුරු උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් එක්රැස් කරමින් තිබේ. එහිදී භාරවූ දිනය, පුනරුත්ථාපන කඳවුරුවල රඳවා සිටි කාලය, එම කාලය තුල සිදුවූ සිද්ධීන් සම්බන්‍ධයෙන් තොරතුරු එක්රැස් කරමින් සිටින්නෙමු.

එම තොරතුරුවලට අනුව හිටපු කොටි සාමාජිකයන්ට රසායිනික එන්නත් ලබාදීම, රසායිනික ආහාර ලබාදීම වැනි සිද්ධින් සත්‍යයක් බව තහවුරු වුයේ නම් එය ගැන ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වා දෙන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top