බුදු දහමට හිමි තැන ලබාදීමට රජය කැපවීමෙන් කටයුතු කරනවා – විජයදාස රාජපක්ෂ

මෙරට තුළ බුදු දහමට හිමි තැන ලබාදීමට රජය කැපවීමෙන් කටයුතු කරන බව අධිකරණ හා බුද්ධ සාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

බුදු දහමට හිමි ස්ථානය අහිමි කිරීමට රජයේ කටයුතු කරන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත්, ඇතැම් අන්තවාදී පිරිස් ජනතාව නොමඟයවමින් අයිතු ප්‍රයෝජන ලබා ගැනීමේ උත්සහයක නිරතවෙමින් සිටින බව ද හෙතෙම පවසා තිබේ.

වව්නියාව ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටියදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top