පොදු සමා කාලය තුළ 4441ක් නිත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වෙයි

හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ පොදු සමාකාලයේදි ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරින් 20ක් හා සෙසුනිලයන් 4421ක් නිත්‍යානුකූල ලෙස හමුදාවෙන් ඉවත්විමට කටයුතු කොට ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දෙසැම්බර් 1 දා සිට දෙසැම්බර් 31දා දක්වා මෙම පොදු සමාකාලය ක්‍රියාත්මක වෙයි. මෙම කාලය තුළදී වැඩියෙන්ම බාරවි ඇත්තේ යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූල නොවන ලෙස නිවාඩු ලබාගෙන ඇති හමුදා සාමාජිකයෝ වෙති. ඒ නිලධාරීන 5 දෙනෙකු හා සෙසු නිලයන් 3868ක් වශයෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top