මහවිරු සුසාන භූමිය පූජනීය ප්‍රදේශයන් ලෙස ප්‍රකාශ කිරීමට දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුවෙන් යෝජනාවක්

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මෑතකදී නිදහස් කරන ලද මහවිරු සොහොන් කොත් පිහිටා ඇති සුසාන භූමිය පූජනීය ප්‍රදේශයන් ලෙස ප්‍රකාශ කිරීමේ යෝජනාවක් දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීමේදී සම්මත කර තිබේ.

කිලිනොච්චිය දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු රැස්වීම අද (24) දින නියෝජ්‍ය නායකයන් වන මහ ඇමැති විග්නේෂ්වරන්, රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන්, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන අංගයන් සහ ශ්‍රීදරන් ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

එහිදී වාරිමාර්ග, පශු සම්පත් නිෂ්පාදනය, පළාත් නාගරික සැලසුම්කරණය වැනි කරුණු සම්බන්‍ධයෙන් සාකච්ඡා කළ බව අප වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ නිදහස් කරන ලද මහවිරු සොහොන් කොත් ඇතුළු සුසාන භූමිය අලුත්වැඩියා කර එය පුජනීය ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කළ යුතු යැයි ප්‍රදේශවාසීන් විසින් යෝජනාවක් ඉදිරිපත් කෙරුණි. ඒ අනුව, ප්‍රදේශවාසීන්ගේ යෝජනාව පිළිගත් දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුව මහවිරු සොහොන් කොත් පුජනීය ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කිරීමටත්, එය ප්‍රාදේශිය සභාව හරහා අලුත්වැඩියා කර රැකබලා ගැනීම සඳහා වූ යෝජනාව සම්මත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top