හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු හදිසියේ මිය යයි..

වව්නියාව නෙඩුන්කේනි කුලවිසුට්ටාන් ප්‍රදේශයේ පදිංචි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන ස්ටීපන් නැමැත්තා හදිසියේ මියගොස් තිබේ. 36 හැවිරිදි ඔහු දෙදරු පියකුවේ.

ඊයේ සවස, පුලියන්කුලම් බස් නැවතුම් පොළේ රැඳී සිටියදී හදිසියේ සිහිසුන්ව වැටී එම ස්ථානයේදීම මිය ගොස් තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි ස්ටීපන් 2009 වසරේ අවසන් යුද්දයෙන් පසු හමුදාව වෙත භාරවී පුනරුත්ථාපනය ලැබීමෙන් අනතුරුව නිදහස්වී සිය පවුලේ සාමාජිකයන් සමඟ ජීවත්වූහ.

ඔහුගේ මළ සිරුර වෛද්‍ය පරීක්‍ෂණය සඳහා වව්නියාව රෝහලට ගෙන ගොස් තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top