දයා මාස්ටර්ට සිතාසි

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හෙට (10) දිනයේ වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ දයා මාස්ටර්ට වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබේ.

2009 අප්‍රේල් මස ඕමන්තේ මුරපොලදී දයා මාස්ටර් සහ ජෝර්ජ් මාස්ටර් යන දෙදෙනා හමුදාව වෙත භාරවූහ. රජය වෙත භාරවූ ඔවුන්ගේ අපරාධ විමර්ශණ හා ත්‍රස්ත මර්ධන අංශය විසින් රඳවා ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබුණි.

ඔහු හමුදාවට භාර වී කෙට් කළකින් පැවති මහින්ද රාජපක්ෂ පාලන සමය විසින් ඔහුට යාපනය ප්‍රදේශයේ පෞද්ගලික රුපවාහිනි ආයතනයක් පවත්වාගෙන යාමට අවස්ථාව ලබා දුන් අතර එහි ශ්‍රම කටයුතු සඳහා යොදවා තිබුනේ හමුදා සෙබළුන් වීමවිශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top