විමල් වීරවංශ අද ත් FCID හමුවට

රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අදත් (29) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ.

දිගින් දිගටම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගහරිමින් සිටින විමල් වීරවංස මහතාට එරෙහිව එම පොලිස් කොට්ඨාසය විසින් අධිකරණයට සිදු කළ කරුණු වාර්තා කිරීම්වලට අනුව ඔහුට ඊයේ (28) සහ අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ අදාළ ප්‍රකාශ ලබා දෙන ලෙස අධිකරණය පසුගිය 16වනදා නියෝග කර තිබිණි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ දිනයේදී ත් ඔහුගෙන් පැය 5ක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගත්තේ ය.

ජනාධිපති කාර්යාලයට අයත් වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් හා ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමල් වීරවංස මහතාට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top