දෙමළ ජනතාවට එයිතිහාසික ද්‍රෝහිකම් සිදුකරන මෙහෙයුම් කමිටුවෙන් සම්බන්‍ධන් සහ සුමන්දිරන් ඉවත්විය යුතුයි

දෙමළ ජනතාවගේ මූලික ඉල්ලීම් කෙරෙහි පවා සොයා බැලීමට සූදානම් නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වූ මෙහෙයුම් කමිටුවෙන් ආර්. සම්බන්‍ධන් මහතා සහ එම්.ඒ. සුමන්දිරන් මහතා ඉවත්විය යුතු යැයි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

ඊයේ බදාදා දින යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

ඇමැති මහින්ද අමරවීර මහතාගේ 21 දෙනෙකුගෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ දෙමළ ජාතික සන්ධානය වෙනුනේ සම්බන්‍ධන් මහතා සහ සුමන්දිරන් මහතාව සාමාජිකයන් ලෙස පත්කර තිබේ.

ඔවුන් උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම හෝ, ෆෙඩරල් ගැන හෝ, බුදු දහමට ප්‍රමුඛත්වය ලබාදීම ගැන හෝ කිසිඳු විරුද්ධත්වයක් පළ කළේ නැහැ, නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය, සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්‍ෂ ඒකීය පාලනය, බුදු දහමට ප්‍රමුඛත්වය, උතුර නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම යැයි තම පක්‍ෂයේ ස්ථාවරය පවසා සිටිති.

මෙවැනි තත්වයකදී මෙම පක්‍ෂවල බහුතරයකින් යුතු මෙහෙයුම් කමිටුව සම්බන්‍ධන් සහ සුමන්දිරන් යන දෙදෙනා සාමාජිකයන් ලෙස කළ හැක්කේ කුමක්ද ? එමෙන් දෙමළ ජනතාව එයිතිහාසික ද්‍රෝහිකමකම් සිදුකරන මෙවැනි වැඩ කටයුතු දෙමළ ජාතික සන්ධානයේ සන්ධානගත පක්‍ෂයක් ලෙස අප පක්‍ෂය පිළිගන්නේ නැහැ..

ප්‍රථමයෙන් සම්බන්‍ධන් මහතා සහ සුමන්දිරන් මහතා දෙමළ ජනතාව ඉදිරියේ පැමිණ මෙම මෙහෙයුම් කමිටුවේ සිදුවන දැය පැහැදිළි කළ යුතු යැයි සුමන්දිරන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top