හිටපු අගමැතිගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.

රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය තැන්පත් කර ඇති හොරණ නිවසට ඊයේ (30) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර කුසුම් වික්‍රමනායක මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුළු පවුලේ සියලුදෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු, අමාත්‍යවරයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්වරයෙකු මෙන්ම උප සභාපතිවරයෙකු වන තම ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සගයා වෙනුවෙන් ජනාධිපතිතුමා මෙහිදී විශේෂ සමරු සටහනක් ද තැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top