ප්‍රජාතන්ත්‍රික සටන්කාමීන් පක්‍ෂයේ තෙන්මරාච්චිය සංවිධායකයා ලෙස කටයුතු කළ හිටපු කොටි සාමාජිකයෙකු ගෙල වැලලාගෙන මිය ගොස් තිබේ.
සාවකච්චේරිය ලන්දේසි වීදියේ පදිංචි පස් දරු පියෙකු වන ඉනියවන් හෙවත් දර්මසේනා රිසිකරන් (35) නැමැත්තා මෙලෙස ගෙල වැලලාගෙන සිය දිවි හානිකරගෙන තිබේ.
සාවකච්චේරිය පිහිටි ප්‍රජාතන්ත්‍රික සටන්කාමීන් පක්‍ෂ කාර්‍යාලයේ ඊයේ ඉරිදා දින රාත්‍රීයේ ඔහු ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව වාර්තාවේ. සිද්ධිය සම්බන්‍ධයෙන් සාවකච්චේරිය පොලීසිය වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබේ.
