සීමා නීර්ණ වාර්තාව ගැන අගමැතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක..

සීමා නීර්ණ වාර්තාව සම්බන්‍ධයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශපාලන පක්ෂ නායකයින් හා සීමා නීර්ණ කමිටු සාමාජිකයින් අතර සාකච්ඡාවක් කැඳවා ඇති බව වාර්තාවේ.

අගමැතිවරයා විසින් ජනවාරි 9දා අදාළ සාකච්ඡාව කැඳවා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ. සීමා නිර්ණ වාර්තාව ඊයේ දින විෂය භාර ඇමැති ෆයිසර් මුස්තෆා මහතා වෙත භාරදුන් නමුත්, ඒ මහතා එම අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කර තිබේ.

කමිටුවේ ඇතැම් සාමාජිකයන් සීමා නිර්ණය අවසන් වාර්තාවට අත්සන් තබා නොමැතිවීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප කළ බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top