ක්‍ෂුද්‍ර ණය ගෙවීමට නොහැකිව තිදරු මවක් සියදිවි නසා ගනියි..

මූල්‍ය ආයතන විසින් ලබාගත් ක්‍ෂුද්‍ර ණය ගෙවා ගැනීමට නොහැකිව තිදරු මවක් සිය දිවි නසාගෙන තිබේ. මේ සිද්ධිය ඊයේ (2) වනදා සිදුව ඇති බව වාර්තාවේ.

මුල්ලතීව් විස්වමඩු ප්‍රදේශයේ පදිංචි අම්බිකයිපාලන් ජෙගදීස්වරි (වයස 32) නැමැති කාන්තාව මෙලෙස සිය දිවි නසාගෙන තිබේ. සියදිවි නසා ගැනීමට පෙර ඇය විසින් ලියන ලදැයි සැකකරන ලිපියක්ද සොයා ගෙන තිබේ.

සැමියා තමන්ව අතහැර ගිය බවත්, තම ඉඩම විකුණා එම මුදලින් තමන් ගත් ණය පියවන ලෙසත්, තම අවසන් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව දරුවන්ව ළමා නිවාසයකට භාර දෙන ලෙස ද එම ලිපියෙහි සඳහන් කර තිබේ.

සැමියා අතහැර ගිය එම කාන්තාවට අවුරුදු 12, 8, සහ 3 වයසේ පසුවන දරුවන් තිදෙනෙකු සිටියි. පුදුකුඩිඉරුප්පු පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු අරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top