පසුගිය වසරදී නාවික හමුදාවට කෝටි 226ක ආදායමක්

ඇවන්ගාර්ඩ් පෞද්ගලික සමාගම සතුව පැවති සමුද්‍රීය ආරක්ෂක රාජකාරී කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර ගැනීමෙන් අනතුරව, පසුගිය 2016 වසර තුළ රුපියල් කෝටි 226 කට අධික මුදලක් රජයට උපයා දීමට සමත් වී ඇති බව වාර්තාවේ.

2016 ජනවාරි සිට දෙසැම්බර් දක්වා මෙහෙයුම් 6371 කට නාවික හමුදාව සම්බන්ධ වී ඇති අතර, එයින් මෙහෙයුම් 5928 ගාල්ල වරායෙන් සහ මෙහෙයුම් 443ක් කොළඹ වරායෙන් ද සිදු කර ඇත.

2015 නොවැම්බර් මස 13 වන දින මෙම රාජකාරිය නාවික හමුදාවට පවරාගත් අතර එතැන් සිට, ඊයේ (02) වන විට උපයා ඇති සමස්ත ආදායම රුපියල් කෝටි 263 ක් බවද පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top