ජාලිය වික්‍රමසූරිය යළිත් රිමාන්ඩ්

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ජාලිය වික්‍රමසූරිය මහතා ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.

සැකකරු රෝගාතුරව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන නිසා අධිකරණයට ඉදිරිපත් නොකළ බව වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් බන්ධනාගාර නිලධාරීහු අධිකරණයට පැවසූහ.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ විසිදහසකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට ජාලිය වික්‍රමසූරියට චෝදනා එල්ල වී තිබේ.

සිද්ධියට අදාළව පසුගිය නොවැම්බර් මස 18 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top