මහනුවර රෝහලේ වාට්ටුවක් වහයි

ඉන්ෆ්ලුවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් වෛරසය හේතුවෙන් මහනුවර රෝහලේ වාට්ටු අංක 65 වසා දැමූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

මහනුවර රෝහලේ වාට්ටු අංක 65 නේවාසිකට ප්‍රතිකාර ලබමින් සිටි වකුගඩු රෝගීන් තිදෙනෙකු එම වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වීමත් සමග එම වාට්ටුව වසා දමා ඇති අතර කුඩා දරුවන්ට, ගැබිණි මව්වරුන්ට හා වයෝවෘද්ධ පුද්ගලයන්ට හදිසි රෝගී තත්වයකට හැර රෝහලට නොපැමිණිනෙ ලෙසද රෝහල් අධ්‍යක්ෂවරයා දන්වා සිටියි.

වකුගඩු රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන එම වාට්ටුවේ සිටි සියලුම රෝගීන්  ඉතා සුරක්ෂිත ආකාරයට වෙනත් විශේෂ ඒකකයකට මාරුකර යවා ඇතැයිද කියයි.

රෝහල් කාර්ය මණ්ඩලයට හෝ වෙනත් රෝගීනට මෙම වෛරසය ශරීර ගතව ඇත්දැයි සෙවීමට විශේෂ පරීක්ෂණයකට යොමු කරන බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top