අතුරුදහන්වූවන් සොයා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයා පොට්ටෑසියම් පානය කර මරුට..

– Global Tamil News –

අතුරුදහන්වූවන් සොයා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයා පොට්ටෑසියම් පානය කර මරුට..

අතුරුදහන්වූ පුද්ගලයන් සොයා දෙනෙ බව පවසා මුදල් වංචා කළ පුද්ගලයා පොට්ටෑසියම් දියර පානය කිරීමෙන් මිය ගොස් ඇති බව යාාපනය රෝහලේ නීති වෛද්‍ය උ. මයුරන් පවසයි.

යාපනයේ පැහැරගෙන යාමට හා අතුරුදහන්වූවන් සොයා දෙන බව පවසා මුදල් වංචා කළ කන්දසුවාමි ක්‍රිෂ්ණන් (වයස 57) නැමැති සැකකරුව අල්ලා පසුගිය සඳුදා දින පොලිසියට භාරදී තිබුණි.

ඉකුත් සැකකරු පොලිසියේ සිටියදී දියර වර්ගයක් පානය කර අසාධ්‍ය තත්වයට පත්වීමෙන් අනතුරුව යාපනය රෝහලට ඇතුල් කෙරුණි. එහිදී ඔහු ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මිය ගොස් තිබේ. මිය ගිය පුද්ගලයාගේ වෛද්‍ය පරීක්‍ෂණයදී ඔහු පොට්ටෑසියම් කලවම් දියරයක් පානය කිරීමෙන් මිය ගොස් ඇති බව සොයාගෙන තිබේ.

– ග්ලෝබල් දෙමළ පුවත් –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top