ලංකාව ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දුව ඉටුකළ යුතුයි – HRW

ශ්‍රී ලංකාවේ සිඳුවූ බව කියන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණය සම්බන්‍ධ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයට, ජාත්‍යන්තර විනිසුරුවරුන් ද ඇතුලත් කිරීම ගැන ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දුව ඉටුකළ යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුව අවධාරණය කර තිබේ.

එම කමිටුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර තිබේ.

පසුගිය 2015 වසරේ එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවේදී සම්මත කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවෙහි ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතීඥවරුන් සහ විමර්ශණකරුවන් ඇතුලත් කරන බවට ශ්‍රී ලංකා රජය සහතිකවූ නමුත්, මේ වන විට ජනාධිපති සහ අගමැතිවරයා එයින් පසුබැස ඇති බව මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුව පෙන්වාදී තිබේ.

තවද ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය වශයෙන් කීර්ති නාමයක් ලබා ගත්තේ ජාත්‍යන්තරයට ලබාදුන් සහතිකය නිසා බවත්, යුක්තිය බලාපොරොත්තුවෙන් සිටින අයද ජාත්‍යන්තර මැදිහත්වීමක් බලාපරොත්තුවෙන් සිටින අවස්ථාවක අධිකරණ විභාග යාන්ත්‍රණය ප්‍රමාද කිරීම සුදුසු කටයුත්තක් නොවන බව මානව හිමිකම් නිරීක්‍ෂණ කමිටුව වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top