දීපාල් සිල්වා ‍අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් සිල්වා මහතා ‍අද (14) අළුයම රාගම රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතාට පැවති රෝගී තත්වයක් හේතුවෙන් අවස්තා කිහිපයකදීම රෝහල් ගතව ප්‍රතිකාර ලබාගෙන තිබේ.

1967 නොවැම්බර් 20 දා උපත ලබා ඇති ඔහු මිය යනවිට 50 වන වියෙහි පසු වුණි. “පොඩි ළමයා“ යන අන්වර්ත නාමයෙන් ඔහු රසික ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටි අතර ප්‍රසංග වේදිකාවේ ඉතාම ජනප්‍රියත්වයට සහ ජනාදරයට පත් දීපාල් සමාජයේ බහුවල සිදුවන සිද්දීන් තෙම කරගත් ගීත රැසක් ගායනා කර තිබේ.

දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීහු පවසති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top