උතුර, නැගෙනහිර විහාරස්ථානවලට හමුදා ආරක්‍ෂාව

උතුර සහ නැගෙනහිර පළාත්වල පිහිටි සියළු බෞද්ධ විහාර සහ බුදු පිළිමවලට හමුදා ආරක්‍ෂාව ලබාදීම නියමිතය. එලෙස ආරක්‍ෂාවක් ලබාදිය යුතු බවට නියෝගයක් ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශ කර තිබේ. මාර්ගවල සහ අනෙකුත් ස්ථානවල තැන්පත් කර ඇති බුදු පිළිමවලට විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට නියමිතය.

පසුගිය දින කිහිපයකට පෙර ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ ස්ථාන 04ක තිබූ බුදු පිළිමවලට හානි සිදු කර තිබීමෙන් අනතුරුව මෙලෙස බෞද්ධ විහාර සහ බුදු පිළිමවලට ආරක්‍ෂාව ලබාදීමට තීරණය කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top