නැවැත පදිංචි කළ මුහමාලයි ප්‍රදේශයේ හමුදා ක්‍රියාකාරකම්වලට ජනතාවගේ අප්‍රසාදය

කිලිනොච්චිය මුහමාලයි ප්‍රදේශයේ පසුගිය වසරේ දෙසැම්බර් මස නැවැත පදිංචිවීම සඳහා අවසර ලබාදුන් නමුත් හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් එම ප්‍රදේශයේ නැවැත පදිංචිවීමට නොහැකි තත්වයක් පවතින බව ජනතාව පවසති.

ඒ-9 මාර්ගයේ දෙපස පිහිටි ඉකුත් ඉඩම්වල රැඳි සිටින හමුදාව, තම ඉඩම්ද ඇතුලත්ව වැට දමා ඇති හෙයින් තමන්ට නිවාස ඉදිකර ගැනීමට නොහැකි තත්වයක් පවතින බව ජනතාව පවසා තිබේ.

එම ජනතාවට තාවකාලික නිවාස ලබාදී තිබෙන අවස්ථාවක, හමුදාව විසින් දැමූ වැට නිසා එය තාවකාලික නිවස ඉදිකර ගැනීමට නොහැකි තත්වයක් පවතින බවත්, ඉකුත් වැට තම ඉඩම්වලින් ටික දුරකට ඉවත් කරගන්නේ නම් තම නිවාස ඉදිකරගත හැකි බව පවසා සිටින ජනතාව, මේ සම්බන්‍ධයෙන් අදාළ බළධාරීන්ට දැනුවත් කළ නමුත් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top