තම නිදහස වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්න – දෙමළ දේශපාලන සිරකරුවන්ගෙන් ඉල්ලීමක්..

වසර ගණනාවක් කිසිඳු නඩු විභාගයක් නැතිව රඳවා තබා සිටින තමන්ව නිදහස් කිරීමට දෙමළ ජාතික සන්ධානය කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි නුවර බොගම්බර බන්ධනාගාරයේ රඳවා තබා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් ඉල්ලා තිබේ.

බොගම්බර බන්ධනාගාරයේ රඳවා තබා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් 18 දෙනා හමුවීමට ඊයේ සිකුරාදා දින බන්‍ධනාගාරයට ගිය දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් මහතා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

අපිව විභාග කිරීම සඳහා කැඳවාගෙන යන අධිකරණවල සිටින විනිසුරුවරුන් බොහෝ විට සිංහල භාෂාව පමණක් දන්නා විනිසුරු හෙයින් තමන්ට සාධාරණීය තීන්දුවක් නොලැබෙන බවත්, එමෙන් දෙමළ විනිසුරුවරුන් ඉදිරියේ තම නඩු විභාග කිරීම පියවර ගන්නා ලෙස ද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top