ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට පැවරීම රටට අනාරක්‍ෂිතයි

උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස හඳුන්වන ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පැවරීම මෙරට ජාතික ආරක්‌ෂාවට හානිකරදායී තත්ත්වයක්‌ බව හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක්‌ ප්‍රකාශ කර ඇත. ත්‍රිකුණාමලයේ ඇති වැදගත්කම නිසා මෙයට පෙර එම වරාය ඇමෙරිකාවට පැවරීමට යැමේදී ඉන්දියාව එරෙහි වුණා. අද එය ඉන්දියාවට ලබාදීමට යනවා යෑයි ඔවුහු පළ කළහ.

ඉන්දියාවේ කිසිම උපාය මාර්ගික වරායක්‌ විදේශ රටකට මෙතෙක්‌ ලබාදී නැත.

ස්‌වාභාවික වරායක්‌ වූ ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට ලබාදෙන බව මුල්වරට හෙළිවූයේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඉන්දියාවේදී කළ හෙළිදරව්වක්‌ නිසාය.

මෙම වරාය ඉන්දියාවට ලබාදීමට යැම ගැන රජයේ බලධාරීන්, ආරක්‌ෂක ප්‍රධානීන්ගෙන් සහ රටේ ජනතාවගෙන් අදහස්‌ විමසා නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top