යුද්දයෙන් පසු නැවැත පදිංචි වූ මුල්ලතිව් ජනතාව මුහුණ දෙන ගැටළු ගැන දේශාපලකයන් සොයා බලයි ද?

මුල්ලතිව් දිස්ත්‍රික්කයේ යුද්දයෙන් පසු නැවැත පදිංචි කළ පවුල් රැසකට ස්ථීර නිවාස නොලැබීමෙන් එම ජනතාව දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇති බව පැවැසේ.

යුද්දය හේතුවෙන් අවතැන්ව ගිය එම ජනතාවගේ දේපළ වත්කම් සියල්ල යුද්දයදී විනාශවී තිබේ. මෙවැනි තත්වයකදී ඔවුන්ව නැවැත පදිංචි කළ නමුත් ලබාදී ඇති පහසුකම් සිය ජීවිතය පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් නොවන බව පවසා තිබේ.

විශේෂයෙන් තාවකාලික නිවාසවල වසර හතකට වැඩි කාලයක් ජීවත්වෙමින් සිටින බවත්, පසුගිය ආණ්ඩුවේ දී මෙන් වත්මන් ආණ්ඩුවද තමන්ට නිවසා ලබා නොදුන් බව පවසා තිබේ.

යුද්දයේදී විනාශයට පත්වූ තම නිවාස වෙනුවෙන් අලුතින් නිවාස ඉදිකර දෙන්නැයි ඉල්ලා සිටින බවත්, ප්‍රදේශයේ ගමනා ගමන, වෛද්‍ය පහසුකම් නොමැති නමුත් ස්ථීර නිවසක් හෝ ඉදිකරදීමට රජය පියවර ගත යුතු යැයි එම ජනතාව ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top