වව්නියාවේ මාරාන්තික උපවාසයක් අරඹයි

මෙරට අතුරුදන්වූවන් සම්බන්ධයෙන් රජය නිසි පිළිතුරක් ලබා නොදීම සහ අතුරුදන්වූවන් හා හමුදාව වෙත භාරවීමෙන් පසු අතුරුදන් කළ පුද්ගලයන් ගැන රජය වහාම පිළිතුරු ලබාදිය යුතු බව අවධාරණය කර අද සඳුදා දින වව්නියාවේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. අතුරුදන්වූවන් සෙවීමේ සංවිධානය විසින් මේ සඳහා ඇරයුම් කර තිබේ.

වව්නියාව කන්දසාමි කෝවිලේ පූජා කටයුතුවලින් අනතුරුව පාගමනින් පැමිණි අතුරුදන්වූවන්ගේ ඥාතීන් වව්නියාව තැපැල් කාර්‍යාලය අසල මෙම මාරාන්තික උපාවසය ආරම්භ කළහ.

පොදු සංවිධාන හා, අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණය කෙරෙහි උනන්දුවක් දක්වන පිරිස මෙම උපවාසයට සහාය පළ කර තිබේ. එහිදී 12 දෙනෙකු අඛණ්ඩව උපවාසයේ යෙදීමට තීරණය කර ඇති බවත්, අනෙකුත් පිරිස ඔවුන්ට සහාය ලබාදීමේ අයුරින් සහභාගිවන බවද සංවිධායකයන් පවසා තිබේ.

රජය නිසි පිළිතුරක් ලබා දෙනතෙක් මාරාන්තික උපාවසය පවත්වාගෙන යන බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top