පිල්ලෙයාන් යළි රිමාන්ඩ්

නැගෙනහිර පලාත් හිටපු මහ ඇමති සහ දෙමළ ජනතා විමුක්ති කොටි පක්‍ෂයේ නායක පිල්ලයාන් හෙවත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන්ව පෙබරවාරි 6 වැනි දා තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම් අයි මුහයිදීන් මහතා අද (23) නියෝග කළේය.

2005 වසරේ දෙසැම්බර් 25 වන දින මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් දේව මෙභෙයට සහභාගි වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් පිල්ලයාන්ව පසුගිය වසරේ ඔක්තෝබර් 09 වනදා අපරාධ විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top