මුතූර් මුහුදේ ගිලී තරුණයන් තිදෙනෙකු මරුට

ත්‍රිකුණාමලය මුතූර් මුහුදේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබේ. අද දහවල් මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

නිට්ටම්ඹුව කලගෙඩිහේන ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණි තරුණයන් තිදෙනෙකු මෙලෙස මිය ගොස් ඇති බව වාර්තාවේ. පසුගියදා අ.පො.ස(සා/පෙ) විභාගයට පෙනී සිටි මොවුන් තිදෙනාම එකම වයසේ පසුවන්නන් බවත්, මළ සිරුරු දැනට මුතූර් රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන් වේ.

සිද්ධිය පිළිබඳව මුතුර් පොලීසිය වැඩිදුර පරීක්ෂණය පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top