නැගෙනහිර පළාතේ අප්‍රේල් මාසයට පෙර රැකියා 4000ක්

ලබන අප්‍රේල් මසට පෙර නැගෙනහිර පළාතේ 4000කට රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව නැගෙනහිර පළාත් මහ ඇමැති හෆීස් නසීර් අහ්මද් මහතා පවසයි.

නැගෙනහිර පළාතේ රාජ්‍ය දෙපාර්තුමෙන්තු හා රාජ්‍ය කාර්‍යාලවල පවතින රැකියා පුරප්පාඩු සඳහා මෙලෙස තරුණ තරුණයන්ට අවස්ථාව ලබා දෙන බව හෙතෙම පවසා තිබේ. ඒරාවූර් ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් මහ ඇමැතිවරයා මේ බව පවසා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි පළාත් සභාවලට බලය ලබා දෙන්නේ නම් මධ්‍යම රජයට වඩා දෙගුණයක කාර්‍යක්‍ෂමතාවයකින් පළාත් සභාවන් ක්‍රියාත්මක වනු ඇති බවද මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top