රවිරාජ් ඝාතන තීන්දුවට එරෙහි අභියාචනය පිළිගනියි..

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව රවිරාජ් මහතාගේ බිරිඳ විසින් ගොනු කළ අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය විසින් භාරගෙන තිබේ.

මීට පෙර අභියාචනාධිකරණය විසින් පෙත්සම්කරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අදාළ පෙත්සම ප්‍රතික්‍ෂේප කර තිබුණි. නඩරාජා රවිරාජ් ඝාතනයට සම්බන්‍ධව චෝදනා එල්ලවූ සැකකරුවන් පස් දෙනෙකු පසුගිය දෙසැම්බර් මස කොළඹ මහාධිකරණය විසින් නිදහස් කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top