විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලයක් යාපනයට

යාපනයේදී විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කාර්යාලයක් හෙට (26) විවෘත කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව ජනතාවට ලබාදෙන සේවය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් මෙලෙස යාපනයේදි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් විවෘත කිරීමට තීරණය කර තිබේ.

කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පිහිටා ඇති කොන්සියුලර් කාර්යාලයෙන් පමණක් මහජනයාට සැපයූ කොන්සියුලර් සේවා රැසක්, ඉදිරියේදී මෙම ප්‍රාදේශීය කාර්යාලය මගින් ලබාගත හැකි බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top