පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමට ජනපතිගෙන් උපදෙස්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබේ.

ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් පැවැති පුරාවිද්‍යා ස්ථාන හා පුරාවස්තු ආරක්ෂාකර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

පුරාවිද්‍යාත්මක ස්ථානවල ආරක්ෂාව සහ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ පවතින බාධාවන් ඉවත් කර ඒවා විධිමත් කර ගැනීම සඳහා මෙම කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top